2023 ජුනි මස 28 C208- certificate in graphic designing and desktop publishing

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ ඉල්ලීම මත ITRDA පුහුණු අංශය මගින් සංවිධානය කළ C208- certificate in graphic designing and desktop publishing පුහුණු වැඩමුළුව පුරා දින දහයක් මුළුල්ලේ අධිකාරි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල නියෝජනය කරමින් නිලධාරීන් බොහෝ පිරිසක් වැඩසටහන හා සම්බන්ධ වූ අතර එමෙන්ම, පලාත් පාලන ආයතනය නියෝජනය කරමින්ද නිලධාරීන් සහභාගී විය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මුද්‍රිත මාධ්‍යයන් සජීවීකරණය කිරීම සඳහා Photoshop, Illustrator සහ Indesign මෘදුකාංග භාවිතය පිළිබඳ ප්‍රායෝගික හා න්‍යාය දැනුම ලබාදීම මෙම වැඩසටහන මගින් සිදුකෙරිණි.
පුහුණුව සාර්ථකව නිම කළ නිලධාරීන් සඳහා සහතිකපත් බෙදා දීම 2023 ජුනි මස 28 වන දින අධිකාරියේ සභාපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි..