2023 ජුනි මස 28 C220 – certificate in IT procurement

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රායෝගික කුසලතාවයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද C220 – certificate in IT procurement පස් දින වැඩමුළුව සඳහා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ/පළාත් පාලන ආයතන වල රාජකාරි නියුතු තොරතුරු තාක්ෂණ සේවයේ නිලධාරීන්, අභ්‍යන්තර විගණක නිලධාරීන්, විමර්ශන නිලධාරීන් සහ විෂයානුබද්ධ (ප්‍රසම්පාදන) කළමනාකරණ සේවා නිලධාරීන් මේ සඳහා සහභාගි විය.
වැඩ සටහනේ සහතිකපත් බෙදා දීම 2023 ජුනි මස 28 වන දින අධිකාරියේ සභාපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.