සහය හා නඩත්තු

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් බස්නාහිර පළාත් සභාවට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ,අධිකාරී සහ වෙනත් ආයතන වෙත පරිගණක නඩත්තුව සහ අලුත්වැඩියාවන් පිලිබඳ සේවාවන්, අභ්‍යන්තර ජාලකරණ පද්ධති ස්ථාපනය සහ පවත්වාගෙනයාම, පරිගණක හා උපාංග මිලදී ගැනීම සඳහා අවශ්‍ය පිරිවිතර සැකසීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලින්ට අදාලව තාක්ෂණික ඇගයීම් වාර්තා සැකසීම හා උපදේශනය සිදු කරනු ලබයි.

පහත සදහන් බස්නාහිර පළාත් සභාවට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ,අධිකාරී සහ වෙනත් ආයතන වෙත පරිගණක නඩත්තුව සහ අලුත්වැඩියාවන් පිලිබඳ සේවාවන් බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් සිදු කරයි.

අංකය පරිගණක නඩත්තුව සහ අලුත්වැඩියාවන් සලසන ආයතන
1 පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයේ පිහිටි සියලුම ආයතන
2 පළාත් අධ්‍යාපන කාර්යාලය කැලණිය
3 පළාත් සෞක්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලය
4 පානදුර මුලික රෝහල
5 පළාත් අධ්‍යාපන කාර්යාලය ගම්පහ