Complain Management System වෙබ් මෘදුකාංගය හා ඡංගම දුරකථන යෙදවුම් (mobile application) පුහුණු වැඩමුළුව

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සංකීර්ණයේ නඩත්තු හා මෙහෙයුම් පිළිබඳ පැමිණිලි වාර්තා කිරීම සඳහා හඳුන්වා දුන් Complain Management System වෙබ් මෘදුකාංගය හා ඡංගම දුරකථන යෙදවුම් (mobile application) භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2022 ඔක්තෝම්බර් මස 10 වන දින කාර්යාල සංකීර්ණයේ ආයතන 20ක් නියෝජනය වන පරිදි නිලධාරීන් 50 ක ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම පුහුණු වැඩමුළුව පළාත් ඉංජිනේරු කාර්යාංශයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තුමියගේ විශේෂ ඉල්ලීම මත සැලසුම් කරන ලදී.