2023 පෙබරවාරි මස 17 සහ 22 ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පරිගණක පද්ධතිය (online system) පරිශීලක පුහුණු වැඩසටහන

බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් යුතුව නිර්මාණය කළ බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ “ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පරිගණක පද්ධතිය” (online system) පරිශීලක පුහුණු වැඩසටහන 2023 පෙබරවාරි මස 17 සහ 22 යන දෙදින සාර්ථකව අධිකාරියේ පරිගණක විද්‍යාගාරය ආශ්‍රිතව පැවැත්විණි.

දෙදින පුහුණු වැඩමුළුව සඳහා බස්නාහිර පළාත් සභා ආයතන, පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් නිලධාරීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී විය.

මෙම වැඩසටහන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කරන ලදී.