2023 මැයි මස 13, 20, 21 සහ 22 දින Smart Classroom Concepts, Applications and Google Workspace Tools
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන වෙන් කිරීම මගින් පළාත් සභාවට අයත් තෝරාගත් පාසල් වල ගුරු මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ දැනුම නගාසිටුවීම සඳහා තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ ” Smart Classroom Concepts, Applications and Google Workspace Tools ” පුහුණු වැඩසටහන 2023 මැයි මස 13, 20, 21 සහ 22 දිනවලදී තොරතුරු තාක්ෂණ අධිකාරි පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි.
මෙම සිව් දින වැඩසටහන තොරතුරු තාක්ෂණ නොවන ගුරුවරුන් පුහුණු කිරීම අරමුණු කරගනිමින් ” Digital Base Teaching ” ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන ලද අතර මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය, දෙහිවල ශාස්ත්රානන්ද විද්‍යාලය සහ කලගෙඩිහේන ධර්මාශෝක මහා විද්‍යාලය යන පාසල් තුනක් නියෝජනය කරමින් ගුරුභවතුන් වැඩසටහන සඳහා සහභාගි විය.
වැඩසටහනේ සහතික පත් ප්රදානය අධිකාරියේ සභාපතිතුමන්, අධ්‍යක්ෂක, සහකාර අධ්යක්ෂ-පුහුණු සහ පරිපාලන නිලධාරී ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.