Smart classroom concepts and applications මිනුවන්ගොඩ.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මගින් පළාත් සභාවට අයත් තෝරාගත් පාසල් වල අධ්යන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ දැනුම නගාසිටුවීම සඳහා තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ පුහුණු වැඩසටහන ” Smart classroom concepts and applications” මිනුවන්ගොඩ රෙජි රණතුංග විද්‍යා විද්‍යාල පරිශ්‍රයේදී නොවැ 13 හා 20 දින පවත්වන ලදි.
මෙම දෙදින වැඩසටහන තොරතුරු තාක්ෂණ නොවන ගුරුවරුන් පුහුණු කිරීම අරමුණු කරගනිමින් “Digital base Teaching” ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන ලද අතර ගුරුවරුන් 25 දෙනකු මෙම වැඩසටහන සඳහා සහභාගි විය.
සහතික පත් ප්‍රදානය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය අතින් සිදු කෙරිණි.