ආයතනයෙන් සැපයෙන පහසුකම්

පංති කාමර
අධිකාරිය සතුව ආසන 125කින් සමන්විත පංති කාමරයක් වැඩසටහන් පැවැත්වීම සඳහා ඇති අතර ඒ සඳහා ප්‍රක්ෂේපන යන්ත්‍ර සහ ශබ්දවිකාශන යන්ත්‍ර ස්ථාපනය කර  වායුසමීකරණ පහසුකම් සලසා ඇත. බාහිර පාර්ශවයන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා වෙන්කර ගැනීම් සිදු කර ගැනීමට අවස්ථාව සලසා ඇත.

වෙන් කිරීම් සදහා අමතන්න :- +94112381125

පරිගණක විද්‍යාගාර
අධිකාරිය සතුව පරිගණක පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා පරිගණක විද්‍යාගාර තුනක්  ඇති අතර ඒ සඳහා ප්‍රක්ෂේපන යන්ත්‍ර ස්ථාපනය කර  වායුසමීකරණ පහසුකම් සලසා ඇත. බාහිර පාර්ශවයන් සඳහා පරිගණක පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා වෙන්කර ගැනීම් සුදු කර ගැනීමට අවස්ථාව සලසා ඇත.

පරිගණක විද්‍යාගාර පරිගණක ප්‍රමාණය
1 A 50
2 B 20
3 C 15
ශ්‍රවණාගාරය

අධිකාරිය සතුව ආසන 125 කින් සමන්විත ශ්‍රවණාගාරයක් පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා ඇති අතර ඒ සඳහා ප්‍රක්ෂේපන යන්ත්‍ර සහ ශබ්දවිකාශන යන්ත්‍ර ස්ථාපනය කර  වායුසමීකරණ පහසුකම් සලසා ඇත. බාහිර පාර්ශවයන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා වෙන්කර ගැනීම් සිදු කර ගැනීමට අවස්ථාව සලසා ඇත.