ඉතිහාසය

මෙම ආයතනය 2000.02.03 වන දින ආරම්භකරණ ලද අතර බස්නාහිර පළාත් රාජ්‍ය සේවකයන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය හා යාවත්කාලීන කිරීම, පළාත් රාජ්‍ය ආයතනයන් සඳහා තාක්ෂණික පහසුකම් සැපයීම සහ උපදේශන සේවාවන් සැපයීම එහි මූලික අරමුණ විය. ආරම්භයේදී පළාත් රාජ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා තොරතුරු තාක්ෂණය මූලික වු කෙටි පාඨමාලාවන් පවත්වාගෙන යන ලදි. පළාත් රාජ්‍ය ආයතන නොවන භාහිර ආයතන සඳහා නේවාසික හා නේවාසික නොවන පුහුණු පාඨමාලාවන් පැවැත්වීම සහ අවශ්‍ය පහසුකම් සැලසීමට ද කටයුතු කර ඇත. ආරම්භක මූලික පාඨමාලාවන් භාහිර දේශක මඩුල්ලක් මගින් සිදුකරන ලදි. පරිගණක දේශකවරුන් දෙදෙනෙකු සහ පරිගණක පුහුණු උපදේශක කටයුතු සඳහා පරිගණක උපදේශකවරුන් 14 දෙනෙක් යොදවාගනු ලැබීය. මේ සඳහා පළාත් අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු ව්‍යාපෘති නිලධාරීන් සහ ගුරුවරුන් ආයතනයට අනුයුක්තව සේවය කළ අතර තාවකාලික පදනම මත පරිගණක උපදේශකවරුන් කිහිපදෙනෙකු බඳවා ගන්නා ලදි. පරිපාලන කටයුතු සඳහා වැඩබලන අධ්‍යක්ෂක වරයෙකු, පරිපාලන නිලධාරීන්, ගබඩා භාරකරුවන්, ලිපිකරුවන් තිදෙනෙකු සහ කාර්යාල සහයකයින් තිදෙනෙකු ආයතනයේ කාර්ය මණ්ඩලය ලෙස සේවය කරන ලදි. ආරම්භයේදී පරිගණක 54 විද්‍යාගාරයක්,  පරිගණක 20 බැගින් වූ විද්‍යාගාර දෙකක්, පරිගණක 10 ක් වු විද්‍යාගාරයක් සහ ආසන 100 ක දේශන ශාලාව පුහුණු කටයුතු සඳහා යොදා ගන්නා ලදි.