හැදින්වීම

ශ‍්‍රී ලංකාව 2025  වසර වන විට පොහොසත් රටක් බවට පත් කිරීම වැඩපිළිවෙළෙහි  තාක්ෂණය සහ ඩිජිටල්කරණය යටතේ ”ඩිජිටල් සහ අනෙකුත් නැගී එන තාක්ෂණයෙන් භාවිතය තුලින් ගෝලීය වශයෙන් තරගකාරී රටක් බවට පත්වීමට සහ අංකිතව සවිබල ගැන්වුණු ආර්ථිකයක් කරා ජාතියක් ලෙස ගමන් කිරීමටත් අවශ්‍ය ක‍්‍රමෝපායන් සකස් කර ගත යුතුව ඇත. වැඩිදියුණු කල ඩිජිටල් පරිසර පද්ධති  තුලින් අඩු පිරිවැයක් යටතේ ගනුදෙනු සිදුකරගත හැකි වීම, සර්ව සහභාගිත්වයක්  සහිත ආර්ථික වර්ධනයට මෙන්ම විශේෂයෙන්ම ස්වයංරැුකියා සහ සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිගැන්වීම් තුලින් රැකියා ඇති කිරීමටද අවස්ථාව සැලසෙනු ඇත”.
-රජයේ ආර්ථික දැක්ම සහ 2025 පොහොසත් රටක්-
තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය ක්ෂේත‍්‍රය එදාට වඩා අද ඉතාම වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම ක්ෂේත‍්‍රය ලොව පුරා ඉතා වේගයෙන් සංවර්ධනය වීමට ප‍්‍රමුඛතම හේතුවක් වී ඇත්තේ, නූතන සමාජයට ඉන් අගනා පල ප‍්‍රයෝජන රැසක් අත් කර දිමයි.  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් රාජ්‍ය සේවය වැඩි දියුණු කිරීම උදෙසා බස්නාහිර පළාත් සභාව තුළ නවීන තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගැනීම හරහා කාල උපයෝජනයට වැඩි වටිනාකමක් ලබා දෙමින්, එදිනෙදා කාර්යයන් කාර්යක්ෂමව මෙන්ම, කඩිනමින් ඉටු කර ගැනීමේ නූතන සමාජ ප‍්‍රගමනය තුළ පළාත් රාජ්‍ය සේවය ද පුළුල් පරිවර්තනයකට ලක් කිරීමේ අවකාශය දැන් උදා වී තිබේ. ඒ අනුව රජයේ ඉදිරි ඉලක්ක යථාර්ථයක් බවට පත් කිරිමට සවියක් වෙමින්  නූතන සමාජ අභිලාෂයන් සහ අපේක්ෂාවන් සාක්ෂාත් කරගනු වස්, බස්නාහිර පළාත් රාජ්‍ය සේවය ද තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ප‍්‍රතිලාභියෙකු බවට පරිවර්තනය කිරිම අපගේ මුඛ්‍ය පරමාර්ථයයි.

බස්නාහිර පළාතේ පළාත් සභාවට පැවරී ඇති විෂයයන්ට අදාළ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටුකිරීම සඳහා වූ තොරතුරු හා දත්ත විධිමත්ව කාර්යක්ෂමව හා  ඵලදායී  ලෙස යොදා ගැනීමත්, පද්ධති හා ක‍්‍රම විශ්ලේෂණය හා සංවර්ධනය, පරිගණක අධ්‍යාපනය හා ඒ ආශ‍්‍රිත කටයුතු විධිමත් හා පුළුල් කිරීම සහ තොරතුරු තාක්ෂණ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාවට ලබා දීම මෙන්ම ඊට අනුශාංගික කාරණා සඳහා ද විධිවිධාන සලසා දීම පිණිස 2000 අංක 06 දරණ බස්නාහිර පළාතේ තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන ප‍්‍රඥප්තිය යටතේ බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන ආයතනය 2000.02.03 දින ස්ථාපිත කරන ලදි.

2015.09.18 දින සිට බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක‍්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අයත් ආයතනයක් ලෙස නම් කරන ලද අතර, 2017 අංක 01 දරණ බස්නාහිර පළාතේ තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරි ප‍්‍රඥප්තිය යටතේ පුළුල් බලතල සහිතව  බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය බවට 2017.09.12 දින සිට පත් කර ඇත.

අධිකාරියේ අරමුණු පහත පරිදි වේ.

1.    පලාත තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා ස්ථාපනය කිරීම මගින් මහජනතාව වෙත අන්තර්ජාලය සහ අනෙකුත් නව තාක්ෂණයන් හරහා රාජ්‍ය සේවාවන් සැලසීම හා පළාතේ ඉ – රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.

2.   පලාතට අදාළ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති සැලසුම් කිරීම, සංවර්ධනය ස්ථාපනය හා පවත්වා ගෙන යාම.

3.   පළාත් සභාවේ සේවා කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට සහ ක්‍රියාවලින් ස්‌වයංක්‍රියව කිරීමට මෘදුකාංග පද්ධති ස්ථාපනය කිරීම.

4.   පළාත් සභාවේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ ආයතන සඳහා වෙබ් අඩවි සහ ජාල නිර්මාණය කිරීම.

5.  පළාත් සභාවේ සියලුම ආයතන සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සහ කළමනාකරණය.

6.   පළාත් සභාවේ නිලධාරීන් සඳහා පරිගණක අධ්‍යාපනය ලබා දීම සහ පුහුණු කිරීම.

7.   පලාත තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හා පරිගණක විද්‍යා දැනුම ප්‍රචලිත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

8.  පළාත තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්පත් සංවර්ධන කටයුතු වල නිරතව සිටින ආයතනවලට තාක්ෂණික උපදේශන සේවාවන් හා වෙනත් සහායන් ලබා දීම.

9. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික කටයුතු සම්බන්ධව අධිකාරියේ සේවය අපේක්ෂිත පෞද්ගලික අංශයේ හෝ වෙනත් ආයතන සඳහා සේවා ගාස්තුවක් අය කරමින් සේවා සැපයීම.

අධිකාරියේ බල තල පහත සඳහන් පරිදි වේ.

1.  අධිකාරියේ අරමුණු හා කාර්යයන් ඉටු කර ගැනීම සඳහා චංචල හෝ නිශ්චල දේපළක් මිලට ගැනීමල බද්දට හෝ කුලියට දීම හෝ ගැනීම, උකස් කිරීම, විකිණීම හෝ අනයාකරයකින් බැහැර කිරීම

2.  අධිකාරියේ බලතල ක්‍රියාත්මක කිරීම සහ අධිකාරයේ අරමුණු ක්‍රියාවේ යෙදවීම සඳහා අවශ්‍ය වන ගිවිසුම්වලටල එළඹීම හා කොන්ත්‍රාත් වලට එළඹීම.

3.  අධිකාරිය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රවීනයන් ස්ථිර හෝ පැවරුම් පදනම මත බඳවා ගැනීම සහ එම ව්‍යාපෘතීන් මඟින් උපයන ආදායම උපයෝගී කර ගෙන ඔවුන්ට කළමනාකරණ මණ්ඩලය තීරණය කරනු ලබන දීමනාවක් ගෙවීම.

4.  අධිකාරිය විසින් පළාත් සභාව තුළ හෝ ඉන් පිටතට සපයනු ලබන සේවාවන් සඳහා කළමනාකරණ මණ්ඩලයේ නිර්දේශ මත ගාස්තු නියම කිරීම හා අය කිරීම.

5.  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධන කටයුතු වලට අදාළ පර්යේෂණ පැවැත් වීම, ඒ සඳහා සහාය දීමල සම්බන්ධීකරණය හා අනුබල දීම.

6.  තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරික කුසලතා පිළිබඳ පුහුණු කටයුතු හා අධ්‍යාපනික කටයුතු  කරගෙන යාම, පුහුණු වැඩසටහන්, සම්මන්ත්‍රණ, සම්මේලන, වැඩමුළු, අධ්‍යාන චාරිකා සහ දැනුම හා තොරතුරු පතුරවාලීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

7.  අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ඇතිව අධිකාරියට අවශ්‍ය උප කාර්යාල හා මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම.

8. ඉහත 9 වගන්තියේ සඳහන් අරමුණු ඉටු කර ගැනීමට ඉවහල් වන පරිපාලන සහ මුල්‍ය රීති සැකසීම.

9. සිය සේවකයන් සඳහා කාර්ය නියමයන් ඇති කිරීම, ඔවුන්ගේ කාර්ය සාධනය ඇගයුම් සහ අවශ්‍ය පිළියම් යෙදීම.

10. අධිකාරියේ අරමුණු සපුරා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍ර   සුත්‍ර සහ උපකරණ මිලදී ගැනීම.

11.  ජාතික හා පළාත් සභා ප්‍රතිතිපත්තිවලට අනුකූලව, අරමුදල්ල තාක්ෂණික විශේෂඥ ඥානය හෝ වෙනත් ආධාර ලබා ගැනීම.

12.  අවස්ථාවෝචිත පරිදි අධිකාරියේ මුදල්වලින්ල යම් මුදල් ප්‍රමාණයක් මුදල් විෂය භාර ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව ආයෝජනය කිරීම.